කොරෝනා වසංගතය හමුවේ බොහෝ රටවල් සංචාරක තහනම් පැනවීමත් සමග බහුතරයක් ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කිරීමට අදාළ සංචාරකයින්ට සිදුව තිබේ.
මේ හේතුවෙන්ම බොහොමයක් ජාත්‍යන්තර ගුවන් සේවා කපා දැමීමට බොහෝ ගුවන් සේවා වලට සිදුව තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මෙහි ප්‍රතිඵලයක් ලෙස තම ගුවන් ගමන අවලංගු කරන හෝ සංශෝධනය කරන සංචාරකයින්ට නම්‍යශීලී ආර්ථික සහන ලබා දීමට බොහෝ ගුවන් සේවා මේ වන විට පෙළඹ ඇත.
මේ අතර මෑතකදී ගුවන් ගමන් සඳහා ටිකට් පත් වෙන්කරගත් සංචාරකයින්ට ඒවායේ දින සංශෝධනය කිරීම ගාස්තු ය කිරීමකින් තොරවම සිදුකර ගැනීමට බොහෝ ගුවන් සේවා එකඟ වී තිබේ.

Source: Flickr
Qantas සහ Jetstar ගුවන් සේවාවන්
මැයි මස 31 වන දිනට පෙර ගමන් කිරීම සඳහා ලබාගත් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ටිකට් පත් අවලංගු කිරීමට Qantas සහ Jetstar ගුවන් සේවාවන් තම මගීන්ට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව එම ටිකට් පත් සඳහා අදාළ මගීන් ගෙවූ මුදල් flight credit ලෙසින් ඔවුන්ගේ ගුවන් ගමන් ගිණුමේ තැන්පත් වන අතර එම මුදල් ඉදිරි ගුවන් ගමනකදී ඔවුන්ට යොදා ගැනීමට හැකිවනු ඇත.
කෙසේනමුත් මෙලෙස ටිකට් පත් අවලංගු කිරීම එළඹෙන මාර්තු 30 ට පෙර සිදුකළ යුතු අතර ඒ හරහා ලැබෙන flight credit ඔරිජිනල් ගුවන් ටිකට් පත නිකුත් කළ දිනයේ සිට මාස 12 ක් ඇතුළත හෝ 2020 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පෙර හෝ භාවිතා කළ යුතුය.

Source: AAP
Virgin Australia
ජුනි මස 30 වන දිනට පෙර ගමන් කිරීම සඳහා ලබාගත් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ටිකට් පත් වල දින සංශෝධනය කිරීමට Virgin Australia ගුවන් සේවය ඉඩ සලසා ඇති අතර ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමටද ඔවුන් තීරණය කර ඇත.
එසේ නොමැතිව එම ටිකට් පත් අවලංගු කිරීමට යම් ගුවන් මගියෙකු තීරණය කර ඇත්නම් ඒ සඳහා ගාස්තු ගෙවීමකින් තොරවම ඔවුන්ටද ඒ සඳහා අවස්ථාව ඇති නමුත් එම ටිකට් පතේ මුදල් travel credit ලෙස ඔවුන්ගේ Virgin Australia ගිණුමේ තැන්පත් කෙරෙනු ඇත.
Virgin Australia වෙබ් අඩවියේ මේ පිළිබඳව වැඩි විස්තර ඇතුළත් කර තිබේ.
Tigerair
Tigerair ගුවන් සේවයද ඉහත අයුරින්ම ගාස්තු අය කිරීමකින් තොරව ටිකට් පත් සංශෝධනය කිරීමට හා අවලංගු කිරීමට තම ගුවන් මගීන්ට අවස්ථාව උදා කර දී තිබේ.

Virgin Airways Source: AAP
බොහෝ ජාත්‍යන්තර ගුවන් සේවා Qantas ගුවන් සේවය අනුගමනය කරයි
බොහෝ ජාත්‍යන්තර ගුවන් සේවා Qantas ගුවන් සේවය මෙන් තම ගුවන් ටිකට් පත් අවලංගු කරන මගීන්ට මාස 12ක් යනතුරු එම මුදල් භාවිත කරමින් නැවත් ගුවන් ටිකට් පතක් ලබා ගැනීමට අවස්ථාව උදාකර දී තිබේ.
මාර්තු 24 සිට සති දෙකක් පමණ තම සියලු මගී ගුවන් සේවා නතර කරන ලෙස Emirates ගුවන් සේවය දැනුම් දී තිබේ.
ඒ අනුව Emirates ගුවන් සේවයේ ගුවන් මගීන්ට තම ගුවන ටිකට් පත නිකුත් කළ දින සිට මාස 12ක් යනතුරු එම වටිනාකමට හිමි මුදල් යොදවා වෙනත් Emirates ගුවන් ටිකට් පතක් ලබා ගත හැකිය.
මැයි 31 වන තෙක් ඇති ගුවන් ගමන් සඳහා වන ටිකට් පත් අවලංගු කිරීමට Singapore ගුවන් සේවයද තම මගීන්ට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව එම මුදල් වලින් ලබන වසරේ මාර්තු 31 ට පෙර නැවත Singapore ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.

Source: SBS Sinhala