ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නොපැමිණෙන ලෙසට වන ව්‍යාපාර සඳහා, දමිළ සරණාගත කවුන්සිලයෙන් දැඩි විරෝධයක් (SBS සිංහල /වාර්තා)

TBWA නම් දැන්වීම් නියෝජිතායතනයේ ලාංකික ආයතනය, ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයින් නිෂ්පාදනය කල, නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමේ අවදානම පෙන්වන කෙටි චිත්‍රපට තරඟයක් සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග කටයුතු කොට තිබේ. එමෙන්ම මෙම ආයතනය සම්බන්ධ වී සිටින, බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමේ අවදානම පිළිබඳව වන "Zero Chance" ව්‍යාපාරය සමඟ සබඳතා නවතන ලෙසට දමිළ සරණාගත කවුන්සිලය ඉල්ලා තිබේ.

zero chance

A screenshot of one of the videos from the Zero Chance campaign. Source: Zero Chance/Facebook

 


Highlights

  • Zero Chance ව්‍යාපාරය තුල TBWA දැන්වීම් නියෝජිතායතනයේ භූමිකාව
  • ඔස්ට්‍රේලියාවට වන නීති විරෝධී සංක්‍රමණ නැවත්වීමේ ව්‍යාපාර සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් මිලියන ගණනක වියදමක් 
  • Zero Chance ව්‍යාපාරය සමඟ සබඳතා නවතන ලෙසට TBWA දැන්වීම් නියෝජිතායතනයට දමිළ සරණාගත කවුන්සිලයෙන් ඉල්ලීම් 

TBWA නම් දැන්වීම් නියෝජිතායතනයේ ශ්‍රී ලාංකික ආයතනය මෙම "නීති විරෝධී සංක්‍රමණයේ අවදානම ප්‍රදර්ශනය කෙරෙන" කෙටි චිත්‍රපට උළෙලේ "සමාජ වගකීම" සඳහා වන සම්මාන දිනාගෙන තිබේ.

මෙම දැන්වීම් නියෝජිතායතනය 2019 වසරේ සිට ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ‘Zero Chance’ ව්‍යාපාරයේ කටයුතු සිදු කොට තිබේ. එය හරහා ලංකික සිනමාකරුවන් හට බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුවහොත් පදිංචිය සඳහා කිසිදු ඉඩක් නොමැති බවට ප්‍රදර්ශනය කරන කෙටි චිත්‍රපට ඉදිරිපත් කිරීමට හැකියාව හිමිවිය.

මෙම නියෝජිතායතනය Adweek හි 2018 වසරේදී Global Agency of the Year ලෙස නම්කොට ඇති අතර මෙහි කාර්යාල 270ක් රටවල් 95ක් පුරා පවතී. එමෙන්ම මෙය ඇමරිකානු සමාගමක් වන Omnicom සමූහයට අයත් වේ.

මෙම දැන්වීම් නියෝජිතායතනය “සමාජ වගකීම” සඳහා වන කෑන්ස් සම්මාන කිහිපයක් දිනා තිබේ. 2018 වසරේදී මෙම දැන්වීම් නියෝජිතායතනය Amnesty International සඳහා ‘Through the eyes of a refugee’ නමින් නමින් ව්‍යාපාරයක් ද දියත් කළේය.
ai.jpg
කෙසේ නමුත් මෙම දැන්වීම් නියෝජිතායතනය දියත් කල ඇතැම් ව්‍යාපාර සඳහා දැඩි විවේචන එල්ල වීමද සිදුව තිබේ.

Zero Chance ව්‍යාපාරය තුල TBWA දැන්වීම් නියෝජිතායතනයේ භූමිකාව

"තොරතුරු දැනගැනීමේ පනත" යටතේ නිකුත් කරන ලද ලේඛන මගින්, TBWA Sri Lanka හි නම් හෙළි නොකරන ලද කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අතර 2019-2020 දක්වා විද්‍යුත් තැපැල් ලිපි හුවමාරු වී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙහිදී 2020 වසරේ පෙබරවාරි 19 බදාදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු Zero Chance චිත්‍රපට තරඟය සඳහා සම්මාන උළෙලක් පිළිබඳ විද්‍යුත් තැපැල් ලිපි හුවමාරුවක් ඇතුලත් වන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සැලසුම් කර තිබූ සම්මාන උළෙල අවලංගු කොට තිබේ. මේ හේතුවෙන් Facebook හරහා ජයග්‍රාහකයින් සඳහන් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබූයේ, වීඩියෝවක් මගින් ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කරන අතර එය වඩාත් ලාභදායි වන බවයි. එමෙන්ම මෙම තරඟය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙවීම් ඉහල දැමීම සම්බන්ධයෙන් විද්‍යුත් තැපැල් ලිපි පැවති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම 2019 තරඟය සඳහා ඇතුළත් කිරීම් ස්ථාන 17ක් තිබූ බවට සහ පළමු ත්‍යාගය වශයෙන් "ශ්‍රී ලංකා පදනම් ආයතනයේ" චිත්‍රපට ඩිප්ලෝමාවක් ලබාදීම වන බවට ස්වදේශ කටයුතු තහවුරු කොට ඇති බව එම විද්‍යුත් තැපැල් ලිපි වල සඳහන්.
tbwa
Facebook posts from TBWA Sri Lanka promoting the government's Zero Chance campaign. Source: TBWA Sri Lanka/Facebook
මෙම දැන්වීම් නියෝජිතායතනය සිදු කල කෙටි චිත්‍රපට උත්සවය සඳහා සහභාගී වීමට ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් 40 දෙනෙකුට ආරාධනා කොට තිබේ. එමෙන්ම මෙහි විනිශ්චය කටයුතු සඳහා ශ්‍රී ලංකික විනිශ්චයකරුවන් දෙදෙනෙකු යෝජනා කොට තිබී ඇති අතර ඕස්ට්‍රේලියානු රජයේ නිලධාරීන් දෙදෙනෙකුටද විනිශ්චය සඳහා සහභාගී වන ලෙස ආරාධනා කොට ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවය සම්බන්ධයෙන් අඛණ්ඩව විද්‍යුත් තැපැල් ලිපි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ මෙම ආයතනය සමග සිදුව ඇති බවට "තොරතුරු දැනගැනීමේ පනත" යටතේ නිකුත් කරන ලද ලේඛන මගින් වැඩිදුරටත් හෙළිව තිබේ.
tbwa
Another screenshot of a video from the ad agency's Facebook page showcasing the "perils" of arriving in Australia by boat. Source: TBWA Sri Lanka/Facebook

ඔස්ට්‍රේලියාවට වන නීති විරෝධී සංක්‍රමණ නැවත්වීමේ ව්‍යාපාර සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් මිලියන ගණනක වියදමක්

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු මුදල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් සංඛ්‍යාලේඛන වලට අනුව 2019-20 මූල්‍ය වර්ෂය තුළ "පුද්ගල ජාවාරම් විරෝධී" ව්‍යාපාරයක් සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඩොලර් 800,000 ක් වැය කොට ඇති තිබේ.

එමෙන්ම AusTender හි පවතින කොන්ත්‍රාත්තුවක් පෙන්නුම් කොට ඇත්තේ, ඕස්ට්‍රේලියානු රජය 2011 සහ 2021 අතර කාලය තුල"නීති විරෝධී සංක්‍රමණ පිලිබඳ අධ්‍යාපන සේවා" සඳහා ඩොලර් මිලියන 4.1 කට වඩා වැඩි මුදලක් වැය කොට ඇති බවයි.

මෙම කෙටි චිත්‍රපට ව්‍යාපාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා ප්‍රකාශකයකු සඳහන් කොට ඇත්තේ මෙම ව්‍යාපාරය මගින් "ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් කිරීම" සහ "මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ අන්තරායන්" පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කරන බවයි.

එමෙන්ම මෙමගින් නීති විරෝධී සංක්‍රමණිකයින් ගේ ක්‍රියා "සාපරාධී ක්‍රියාවක්" වන බවට පෙන්වන බවද එම ප්‍රකාශකයා සඳහන් කොට තිබේ.
Some of the new "Zero Chance" policy material released by the Australian government.
Some of the new "Zero Chance" policy material released by the Australian government. Source: Australian Government

Zero Chance ව්‍යාපාරය සමඟ සබඳතා නවතන ලෙසට TBWA දැන්වීම් නියෝජිතායතනයට දමිළ සරණාගත කවුන්සිලයෙන් ඉල්ලීම්

දමිළ සරණාගත කවුන්සිලයේ නිර්මාතෘ Aran Mylvaganam සඳහන් කොට ඇත්තේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබන්දව වන තත්ත්වය පිරිහී ඇති අවස්ථාවක ඕස්ට්‍රේලියානු රජය මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම අසාධාරණ වන බවයි.

මේ හේතුවෙන් ඔහු TBWA දැන්වීම් නියෝජිතායතනයෙන් ඉල්ලා සිටින්නේ Zero Chance ව්‍යාපාරයෙන් ඉවත් වන ලෙසයි.

එමෙන්ම ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් සමග කටයුතු කල නියෝජිතායතනයක්, "ජන සංහාරක පාලන තන්ත්‍රවලින්" පලා යන මිනිසුන් නැවැත්වීමට උත්සාහ දරන රජයන් මගින් ලාභ ලැබීම පුදුම සහගත බවත් ඔහු පවසයි. එමෙන්ම මෙමගින් ප්‍රචණ්ඩත්වයෙන් පලා යන දමිළ ජනයා සහ ශ්‍රී ලංකාවෙන් පිටවන අනෙකුත් කණ්ඩායම් නැවැත්වීම සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි.

Refugee Advice and Casework Service හි ප්‍රධාන සොලිසිටර් වන Sarah Dale ද පවසන්නේ TBWA දැන්වීම් නියෝජිතායතනය Zero Chance ව්‍යාපාරයේ දී ඕස්ට්‍රේලියානු රජය සමඟ හවුල් වී තිබීම කණගාටුවට කරුණක් වන බවයි.

එමෙන්ම මොවුන් සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයින් කොන් කරන සහ අමානුෂික ලෙස පහත් කොට සලකන ව්‍යාපාරයක නියැලී සිටින බවද Sarah Dale පවසයි. මේ හේතුවෙන් සරණාගතයින් සම්බන්ධයෙන් සිතා බලන ලෙස මෙම සමාගම් වලින් ඉල්ලා සිටින බවත් Sarah සඳහන් කොට සිටී.

මේ අතර මෙම සම්මාන උළෙලකට අරමුදල් සැපයීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කර තිබීම කම්පනයට කරුණක් වන අතර ඕස්ට්‍රේලියාවට සරණාගතභාවය පතා එන, සෑම නීතිමය අයිතියක්ම ඇති පුද්ගලයින් නැවැත්වීමට උත්සාහ දැරීම කණගාටුදායක බවත් ඇය පෙන්වා දෙයි.

එමෙන්ම ඇය සඳහන් කොට සිටින්නේ , 2014 වසරේ සිට ඕස්ට්‍රේලියාවට ලංකාවේ සිට බෝට්ටුවෙන් පැමිණි පිරිස නොමැති අවස්ථාවක මෙලෙස ව්‍යාපාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් ව්‍යාකූල බවක් පවතින බවයි.

Share

Published

Updated

By Eden Gillespie, Nipuna Dodangoda
Source: SBS News


Share this with family and friends