වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් පාලනය කරනු ලබන ආකාරය පිළිබඳ බහුතර වික්ටෝරියානුවාසීන් සිය ප්‍රසාදය පළ කර තිබේ.
The Australian පුවත් පත් විසින් ඒ පිළිබදව පැවැත්වූ නවතම මත විමසුමකින් මේ බව හෙළිවී ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් පාලනය කරන ආකාරයට කැමති බව එම මත විමසුමට සහභාගී වූ 62% ක් ප්‍රකාශ කර ඇත.
35% ක පිරිසක් ඊට එකඟ වී නොමැත.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් වික්ටෝරියානුවන්ට පනවා ඇති දැඩි lockdown නීති සුදුසු බවට ඔස්ට්‍රේලියාවම නියෝජනය කරමින් පැවති මත විමසුමේදී 61% ක් ප්‍රකාශ කර තිබේ.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහනේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කෙරෙන විමර්ශන කමිටුව හමුවේ අද දිනයේදී (22/09) වික්ටෝරියානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Kym Peake පෙනී සිටීමට නියමිතය.