ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 89 ක් හමු වී ඇති බවත් එක් කොරෝනා මරණයක් වාර්තා වූ බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මිය ගිය පුද්ගලයා 70 වන වියෙහි පසුවූ නැගෙනහිර සිඩ්නි කලාපයේ වැසියෙකි.
ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 24 දෙනෙකු හට වයිරසය ශරීරගත වී ඇත්තේ සමාජය තුළින්ම බවත් වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රජාව අතරින් හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 0 හෝ ඊට ආසන්න මට්ටමකට එනතෙක් සිඩ්නි lockdown නීති ඉවත් නොකරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 65 ක් රෝහල් ගත කර ඇති බවත් එයින් 21 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සඳහන්.
ඊයේ දිනයේදී (12/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,055 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,749 ක් ලබා දී තිබේ.