ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින්ව සහ අන්තර්ජාතික සිසුන්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව අනෙකුත් කුඩා නගර වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ගේ අවධානය යොමුව තිබේ.
විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන අන්තර්ජාතික සිසුන්ව මෙල්බර්න් සහ සිඩිනි නගර වලින් වෙනත් නගර කරා යොමු කරවීම මෙහි මූලික අරමුණ වේ.
දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.

Australian Prime Minister Scott Morrison Source: AAP
මෙල්බර්න් සහ සිඩ්නි වලට වැඩි පීඩනයක්.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් පැමිණ ස්ථාපිත වන්නේ මෙල්බර්න් සහ සිඩ්නි නගර ආශ්‍රිතව බව රජය පවසයි.
මෙමගින් මෙම ප්‍රධාන නගර වල ජනගහනය ශීග්‍රව ඉහළ යන අතර යටිතල පහසුකම් වලට සාපේක්ෂව වැඩි වන ජනගහනය දැඩි පීඩනයක් එල්ල කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙල්බර්න් සහ සිඩ්නි නගර වලින් බැහැරව ඇඩිලේඩ්, හෝබාර්ට්, පර්ත්, ඩාවින් වැනි ඔස්ට්‍රේලියාවේ අනෙකුත් නගර වෙත සංක්‍රමණිකයින්ව සහ ජාත්‍යන්තර සිසුන්ව යොමු කරවීමෙන් මෙම පීඩනය අවම කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා ඉහළින්ම නම් දරා ඇත්තේ මෙල්බර්න් සහ සිඩ්නි නුවර බවට ජාත්‍යන්තර සිසුන් අතර මතයක් පවතියි.
නමුත් ඇඩිලේඩ්, පර්ත්, හෝබාර්ට්, බ්‍රිස්බන් වැනි ඔස්ට්‍රේලියාවේ අනෙකුත් නගර වලද උසස් අධ්‍යාපනයේ කිසිදු අඩුවක් හෝ ගැටළුවක් නොමැති බව අගමැති Scott Morrison පැවසීය.

Source: AAP
ප්‍රසාද ලකුණු සහ අනෙකුත් දීමනා
මෙල්බර්න් සහ සිඩ්නි වැනි ප්‍රධාන නගර වලින් සංක්‍රමණිකයින්ව හා ජාත්‍යන්තර සිසුන්ව වෙනත් නගර වෙත යොමු කරවීමට මේ වන විටත් විවිධ උපක්‍රම ඒ ඒ ප්‍රාන්ත රජයන් විසින් ක්‍රියාත්මක කර තිබේ.
Northern Territory හි ජනගහනය සහ ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් එහි පදිංචි වීමට පැමිණෙන පුද්ගලයින්ට හා පවුල් වලට මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් Northern Territory රජය ක්‍රියාත්මක කිරීමට යයි.
Northern Territory රජයේ මෙම තීරණයට අනුව එක් පුද්ගලයෙකුට $3000 ක්ද යුවලකට $6000 ක්ද පවුලකට $7000 ක්ද ලබා දීමට නියමිතය.
එමෙන්ම Northern Territory රජය නම් කර ඇති "high priority jobs" හෙවත් ඉහළ ප්‍රමුඛතා රැකියා සඳහා පැමිණෙන පවුල් හට වසර 5 ක් පුරාවට $15,000 ක් පමණ ලබා දීමටද Northern Territory රජය අපේක්ෂා කරයි.
ඊට අමතරව ටස්මේනියාව, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව වැනි ප්‍රාන්ත වල ස්ථාපිත වීමේදී අමතර ප්‍රසාද ලකුණු පිරි නැමීමක් හඳුන්වා දීමටද අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

Source: AAP
නව ආගමන කටයුතු ඇමතිගෙන් ධනාත්මක ප්‍රතිචාර
ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ පත් කෙරුණු නව අමාත්‍යවරයා වන David Coleman ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් ඔස්ට්‍රේලියාවේ සමාජයට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළ බව ප්‍රකාශ කර තිබේ.
2017 -18 වසරේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 160,000 ක් පමණ බාරගෙන ඇති බවත් ඉන් 70% ක් පමණ නිපුණතා සංක්‍රමණය ඔස්සේ ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස ස්ථාපිත වීමට අවස්ථාව ලබා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සංක්‍රමණිකයින් ඩොලර් ට්‍රිලියන 1.6 ක දායකත්වයක් ලබා දෙනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ පත් කෙරුණු නව අමාත්‍යවරයා වන David Coleman විශ්වාසය පළ කරයි.
--------------------------------------------------------------------------------------------------------

Australian Prime Minister Scott Morrison (right) with the Minister for Immigration David Coleman Source: AAP
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල නොකඩවා තවදුරටත් පහතට. (SBS සිංහල/වාර්තා)