සංක්‍රමණික පසුබිමක් සහිත දරුවන් ගේ අධ්‍යාපනයට සිය දෙමාපියන්ගේ අධ්‍යාපන පසුබිම ප්‍රබල ලෙස බලපාන බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Education

Na Austrália, as opções de escolas de ensino médio são bastante diversas. Source: AAP

පාසල් අධ්‍යාපනය ලැබීමට ස්ත්‍රී - පුරුෂ භාවය බාධාවක් වන රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණික දෙමාපියන්ගේ දරුවන් ඔස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපන ක්‍රමවේදයේ ක්‍රියාත්මක සම්මත විභාග වලදී අයහපත් ප්‍රතිඵල අත්කරගන්නා බවක් නවතම පර්යේෂණයකින් පෙනීගොස් තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Curtin විශ්ව විද්‍යාලය මෙම පර්යේෂණය සිදුකර ඇත.
Education
Source: AAP

සංක්‍රමණික පසුබිමක් සහිත දෙමාපියන්ගේ දරුවන්

ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණික දෙමාපියන්ගේ දරුවන් ඔස්ට්‍රේලියාවේ පාසල් විභාග වලදී මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය.

පාසල් අධ්‍යාපනය ලැබීමට ස්ත්‍රීන්ට සීමා සහිත අවස්ථාවන් සහිත රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණික දෙමාපියන්ගේ ගැහැණු දරුවන් ඔස්ට්‍රේලියානු පාසල් විභාග වලදී අයහපත් ප්‍රතිඵල අත්කරගන්නා බවක් එහිදී පෙනී ගොස් ඇත.

එම දරුවන් විදෙස් රටවල උපත ලැබූවත් ඔස්ට්‍රේලියාවේ උපත ලැබූවත් එම ප්‍රතිඵලයේ වෙනසක් නොමැති බව එම පර්යේෂණය අනාවරණය කරයි.

මෙම පර්යේෂණය සඳහා  විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව (කියවීම) වැනි විෂයයන් ඇතුළත් කර තිබුණි.

ඒ අනුව දරුවන්ගේ දෙමාපියන් උපත ලැබූ රට එම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රබල ලෙස බලපාන බව Bankwest Curtin Economics Centre හි ප්‍රධානී ආචාර්ය Mike Dockery පැවසීය.

එහිදී ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තම මව උපන් රටද පිරිමි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තම පියා උපන් රටද දැඩිව බලපාන බව අනාවරණය වූ බව ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව ස්ත්‍රී - පුරුෂ භූමිකාව අනුව සංස්කෘතික ආකල්ප සහ සමාජ නියමයන් පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙන බව ආචාර්ය Mike Dockery පැවසීය.
Education
Source: SBS

Programme for International Student Assessment (PISA)

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික නොවන පසුබිමකින් පැමිණෙන දරුවන්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන පළමු පරම්පරාවේ සහ දෙවැනි පරම්පරාවේ සංක්‍රමණික දරුවන් 12,000 කගේ PISA විභාග ලකුණු මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

සංක්‍රමණික නොවන පසුබිමකින් පැමිණෙන දරුවන්ට වඩා පළමු පරම්පරාවේ සහ දෙවැනි පරම්පරාවේ සංක්‍රමණික දරුවන් විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව (කියවීම) වැනි විෂයයන් ත්‍රිත්වයෙන් කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටි බව එහිදී අනාවරණය විය.

නිපුණතා සංක්‍රමණික පසුබිමක් සහිත දෙමාපියන්ගේ දරුවන් මෙලෙස ඔස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයේ ඉතා ඉහළ දක්ෂතා පෙන්වන බවට මෙය තවත් කදිම නිදසුනක් බව Bankwest Curtin Economics Centre හි ප්‍රධානී ආචාර්ය Mike Dockery පැවසීය.
Education
Source: AAP

දරුවන් සහ දෙමාපියන් අතර ඇති සම්බන්ධය

පිරිමි දරුවන් බොහෝවිට තම පියා හෝ පියාගේ සොයුරන් සිදුකරන ක්‍රියා දෙස බලා සිට ඒවායින් ආභාසය ලබන බවත් ගැහැණු දරුවන් බොහෝවිට තම මව දෙස බලා ඇයගෙන් ආභාසය ලබන බවත් Bankwest Curtin Economics Centre හි ප්‍රධානී ආචාර්ය Mike Dockery පැවසීය.

සංස්කෘතික ආකල්ප සහ සමාජ නියමයන් දරුවන් විසින් නිරායාසයෙන් ග්‍රහණය කරගනු ලබනවාද නැතිනම් ඒවා දෙමාපියන් විසින් ක්‍රියාකාරී ලෙස දරුවන්ට සන්නිවේදනය කරනවාද යන්න පැහැදිලි නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

ගැහැණු දරුවන් ට පාසල් අධ්‍යාපනය ලැබීමට සීමා බාධාවන් ඇති රටවල ලෙස සෝමාලියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය සහ සැම්බියාව කැපී පෙනෙන රටවල් ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම දකුණු අප්‍රිකාව, ලිබියාව, කුවේටය සහ Tuvalu යන රටවල පිරිමි දරුවන් පාසල් යාමේ අඩු ප්‍රවණතාවක් පවතී.
Education
Source: SBS Sinhala

Share
Published 3 June 2019 2:27pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends