ඔස්ට්‍රේලියාවේ 457 වීසා කොන්දේසි හෙට සිට වෙනස්වෙයි.

457 Visa

Source: www.onederland.com.au

ඔස්ට්‍රේලියාවේ 457 වීසා ලාභීන්ගේ නියමිත රැකියාව නිම වීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට ලබා දී තිබෙන කාල සීමාව හෙට (19/11) සිට වෙනස් වන බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් දින 90ක්ව පැවති එම කාලය හෙට සිට දින 60ක් දක්වා අඩු කර තිබේ.

මෙම නව නීතිය, නොවැම්බර් 19 වන දින සෙනසුරාදායින් පසුව 457 වීසා හිමිවන පුද්ගලයන් හට බලාත්මක වන බව ඔස්ට්‍රේලියාවේ ආගමනික කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පසුගිය බදාදා  (16/11) නිවේදනය කළේය.




Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends