ඔස්ට්‍රේලියානු වීසා හෝ ස්ථිර පදිංචිය හෝ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට සාමන්‍ය බලා සිටීමේ කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා බලා සිටීමට සිදුවනු ඇතැයි SBS සහ ABC පුවත් සේවාවන් වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තු සේවක කප්පාදුව මීට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන්.
මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය, ස්ථිර පදිංචිය හෝ සරණාගත වීසා සඳහා නුදුරේදී හෝ බලා සිටීමේ කාලය වැඩි නොවේ යැයි තමන්ට පොරොන්දුවිය නොහැකි බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo පැවසීය.

Source: SBS
සේවක කප්පාදුව
ඔස්ට්‍රේලියාවේ පසුගිය මුදල් වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ වීසා සහ පුරවැසිභාවය පිරි නැමීමේ අංශයේ සේවය කරනු ලැබූ සේවකයින් 355 ක් කප්පාදු කර ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
නමුත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo මෙම සේවක කප්පාදුව සාධාරණීයකරණය කරමින් පැවසුවේ ඔස්ට්‍රේලියාවේ වීසා සහ පුරවැසිභාවය පිරි නැමීමේ අංශය ස්වයංක්‍රීය ක්‍රියාවලියකට සුදුසු බවය.

Source: Home Affairs
පුරවැසිභාවය සහ වීසා අයදුම්පත් ගොඩ ගැසීම
මෙම ප්‍රමාදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය ඇතුළු අනෙකුත් වීසා සඳහා යොමු කළ අයදුම්පත්‍ර ගොඩ ගැසී ඇති බවද වාර්තා වේ.
2016 මාර්තු මස සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට බලා සිටීමේ කාලය මාස 12 සිට 16 දක්වා දීර්ඝ වී ඇතැයිද සඳහන්.
මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරී Luke Mansfield පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ අපරාධ අවදානම හේතුවෙන් අයදුම්පත් පරීක්ෂා කිරීමේ කාලය දිගු වී ඇති බවත් අයදුම්කරුවන්ගේ ප්‍රමාණය ක්‍රමිකව වරධනය වී ඇති බවත් ඔහු එම හේතු ලෙස දැක්වීය.
පසුගිය අප්‍රේල් 30 වන දින වන විට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට යොමු කළ අයදුම්පත් 210,000 ක් මේ වන විටත් තිබෙන බව වාර්තා වේ.
පරීක්ෂා නොකළ අයදුම්පත්, සියුම් ලෙස පරීක්ෂා කරමින් පසුවන අයදුම්පත් සහ පුරවැසිභාව උත්සව සඳහා තවමත් නොපැමිණි පුද්ගලයින්ගේ අයදුම්පත් එම සංඛ්‍යාව අතර වන බව සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------