ඉතා ඉහළ සිසුන් ප්‍රමාණයක් සිටින වික්ටෝරියානු රජයේ පාසල් තම පාසල පිහිටි ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශ වල වාසය කරන සිසුන්ව බඳවා නොගැනීමට නුදුරේදීම තීරණය කරනු ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නව නීති යටතේ අදාළ පාසලේ ළමුන්ගෙන් 50% ක් හෝ එම ප්‍රදේශයේම ළමුන් නොවන්නේ නම් අමතර සිසුන් සඳහා පවත්වාගෙන යන portable පන්ති කාමර සඳහා එම පාසල් වලට අවසර නොදේ.

Source: AAP
ජනප්‍රිය පාසල්
තම ප්‍රදේශයේ පාසල තිබියදී කලාපයේ ජනප්‍රිය පාසල වෙත තම ළමුන් ඇතුළත් කිරීම බොහෝ කාලයක පටන් බොහෝ දෙමාපියන් සිදු කරන ලද්දකි.
මෙනිසාම කලාපයේ ජනප්‍රිය පාසල් වල අතිරේක ළමුන් සංඛ්‍යාවක් හැමවිටම සිටීම දකින්නට හැකිය.
මේ හේතුවෙන් ඒ ඒ ප්‍රදේශ වල සිටින දරුවන්ට ඇතැම් විට තම ආසන්නතම පාසල වෙත පිවිසීමට ඇති අවස්ථා මග හැරෙන අතර තවත් සිසුන් පිරිසකට තම ප්‍රදේශයෙන් බැහැර ඇති පාසලකට අධ්‍යාපනය ලැබීම සඳහා යාමට සිදුවේ.
කෙසේවෙතත්, මෙම නව නීති ඔස්සේ තම නිවසට ආසන්නවම පිහිටි පාසලට තම දරුවන්ව යැවීමට දෙමාපියන් උන්නදු කරවන බව The Age පුවත්පත වාර්තා කරයි.

Source: AAP
ප්‍රදේශයේ පාසල් අත හැරීම
2017 වසරේ විගණකාධිපති ජනරාල්ගේ වාර්තාවට අනුව වික්ටෝරියානු දෙමාපියන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් තම අසල්වැසි පාසල මග හැර වෙනත් පාසල් වෙත තම ළමුන්ව ඇතුළත් කරයි.
වික්ටෝරියානු රජයේ පාසල් වලින් 15% කට පමණ එනම් පාසල් 230 කට පමණ පසුගිය සතියේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දුරකථන පණිවිඩයක් ලැබුණු බව The Age පුවත්පත වාර්තා කරයි.
එම පාසල් වල බඳවා ගත් සිසුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පාසල පිහිටි ප්‍රදේශයෙන් එපිට ජීවත් වන නිසා එම පාසල් වලට අලුත් නීති බලපෑ හැකිය බව එම දුරකථන පණිවිඩයෙන් කියවුණු බව සඳහන්.
ඊට අමතරව එම පාසල් වල ඇත්තේ සීමිත ඉඩකඩක් බවද අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.

Source: AAP
මත දෙකක්
කෙසේවෙතත්, මේ සම්බන්ධව මේ වන විට මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂය මෙම නව නීති වලට එකහෙළා විරුද්ධ වී ඇති අතර එය දැඩිව විවේචනය කර තිබේ.
නමුත් ඔස්ට්‍රේලියානු අධ්‍යාපන වෘත්තීය සමිතිය, දෙමාපියන් සහ රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර කණ්ඩායම් මේ පිළිබඳව පැසසුම් සහිතව කතා කොට ඇත.
මෙමගින් සිසුන් හට යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------