Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 62 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත
වයස අවුරුදු 12-17 අතර පසුවන නව යොවුන් වියේ අයට ප්‍රෝටීන් මත පදනම් වූ Novavax COVID-19 එන්නත සැප්තැම්බර් 5 සිට ලබා ගත හැක.
long-COVID හේතුවෙන් දිනකට ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් 31,000ක් අසනීප වන බව ඇස්තමේන්තු කර ඇතැයි භාණ්ඩාගාර දත්ත පෙන්නුම් කරයි.
ඔස්ට්‍රේලියාව සැප්තැම්බර් 5 සිට වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා Moderna හි Spikevax එන්නත නිකුත් කිරීමට සූදානම් වේ.
දෙමාපියන්ට ඒ පිළිබඳ කෙසේ වෙතත්, එන්නත් ලබාගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීමට ඉඩ සැලසීම් තවමත් නොමැත.
වයස අවුරුදු 30-49 අතර ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට ඔවුන්ගේ දෙවන බූස්ටර් මාත්‍රාව ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
කෙසේ වෙතත්, මාත්‍රා තුනක් ලබා ගත් කාන්තාවන් තුළ දරුණු රෝග ඇතිවීමේ අවදානම ඉතා අඩු බව රජය සඳහන් කරයි.
අඛණ්ඩව සති හතරක් ඉහළ යාමෙන් පසු monkeypox රෝගීන් සංඛ්‍යාව 21% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කරයි.
ඇමෙරිකාව, ස්පාඤ්ඤය, බ්‍රසීලය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, නෙදර්ලන්තය, පේරු සහ පෘතුගාලය යන රටවල වැඩිම monkeypox රෝගීන් වාර්තා වී ඇත.