බරපතල ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සහ Islamic State හෙවත් IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධවීම හේතුවෙන් පසුගියදා පුද්ගලයින් 5 දෙනෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කළ බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton නිවේදනය කළේය.
මීට පෙරාතුව ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වීම නිසා 2015 දී ද එක් පුද්ගලයෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කෙරිණි.
1948 ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ 34 වන වගන්තිය යටතේ මේ වන විට පුද්ගලයින් 44 දෙනෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කර ඇති බව ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතවරයෙකු SBS සේවයට පැවසීය.

Source: AAP
ද්විත්ව පුරවැසියන් ට පමණක් අවදානම පවතී
තත්ත්වය කෙසේවුවත් ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින්ගේ පමණක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහිමි කිරීමට හැකි බවත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයින්ට ඒ තත්ත්වය බලාත්මක කිරීමට නොහැකි බවද ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ පුරවැසිභාවය පිළිබඳ නීති සහ මහජන ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂඥ, මහාචාර්ය Kim Rubenstein පැවසුවාය.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය විවිධ හේතු නිසා අවලංගු කිරීමට ඔස්ට්‍රේලියානු රජයට හැකියාව පවතින අතර එවැනි ප්‍රධාන අවස්ථා 5 ක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Source: AAP
01. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම.
ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමට ඔබට අවශ්‍ය වුවද ඒ සඳහා ඔබට තනි අයිතියක් නොමැත.
ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අවසන් තීන්දුව ඇත්තේ අදාළ විෂයය භාර අමාත්‍යවරයා හට බවත් ඔබට ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ හැක්කේ ඔබට වෙනත් රටක පුඅරවසිභාවයක් ඇත්නම් පමණක් බවත් සඳහන්.
එසේ නොමැති විට ඔබ කිසිදු රටක පුරවැසියෙකු නොවීම හේතුවෙන් ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමට ඔබට අවසර නොලැබේ.
2. වැරදි සහ වංචාසහගත ක්‍රියා කිරීම
ඔබ නිරායාසයෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවුණි නම් ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම සඳහා යොමු කළ අයදුම්පතෙහි යම් වැරදි හෝ වංචාසහගත තොරතුරක් ලබා දී ඇත්නම් එය නිමිති කරගෙන ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට අදාළ විෂයය බාර අමාත්‍යවරයා හට බලය ඇත.
3. විශේෂ නේවාසික අවශ්‍යතා (special residence requirements) සපුරාලීමට නොහැකි වීම.
ඔබ විශේෂ නේවාසික අවශ්‍යතා හෙවත් special residence requirements මත ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කර එය ලබාගත් අයෙකුනම් ඔබ අනිවාර්යෙන්ම අදාළ විශේෂ නේවාසික අවශ්‍යතා සපුරාලිය යුතුය.
නැතහොත් ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට රජයට බලය තිබේ.
උදාහරණයක් ලෙස වෙනත් රටක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ගිවිසුම මත ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනමන අතර ඔහු ඔස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ යුතුව ඇත. එසේ නොමැතිවුවහොත් ඔහුට පිරිනැමූ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට රජයට හැකියාව ඇත.
4. ඔස්ට්‍රේලියාවට අපක්ෂපාතීව කටයුතු කිරීම.
2007 ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනතේ 35 වන වගන්තියට අනුව ඔබ ද්විත්ව පුරවැසියෙකු නම්, ඔස්ට්‍රේලියාවට අපක්ෂපාතීව කටයුතු කළහොත් ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට රජයට බලය ඇත.
ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වීම, ඔස්ට්‍රේලියානු රජයේ හෝ රටේ කීර්තියට හානි වන අයුරින් කටයුතු කිරීම මීට උදාහරණ වේ.
5. ඔබේ දෙමාපියන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි වූ විට
ඔබේ දෙමාපියන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි වූ අවස්තාවලදී ඔබ එම දෙමාපියන්ගේ දරුවෙකුනම් ඔබේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ද ඇතැම් විට අහෝසි කිරීමට අදාළ විෂයය බාර අමාත්‍යවරයාට බලය ඇති බව පැවසේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------