ඇෆ්ගනිස්ථානයේදී ඕස්ට්‍රේලියානු හමුදා අතින් සිදුවුනු යුධ අපරාධ පිළිබඳව ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයෙන් සමාව අයදී (SBS සිංහල /වාර්තා)

Chief of the Australian Defence Force General Angus Campbell delivers the findings from the  Afghanistan Inquiry in Canberra.

Chief of the Australian Defence Force General Angus Campbell delivers the findings from the Afghanistan Inquiry in Canberra. Source: AAP

ආන්දෝලනයට තුඩු දී ඇති, ඇෆ්ගනිස්ථානයේ යොදවා සිටි ඕස්ට්‍රේලියානු විශේෂ බලකා හමුදා සෙබළුන්ගේ හැසිරීම පිළිබඳ වාර්තාවෙහි ප්‍රතිපල ඕස්ට්‍රේලියානු ප්‍රධාන ආරක්ෂක ජෙනරාල් Angus Campbell විසින් අද පෙරවරුවේ එළිදැක්විණ.

දීර්ඝ කාලයක් ගතවූ ඕස්ට්‍රේලියානු විශේෂ බළකායේ ක්‍රියාකලාපය පිළිබඳව වන එම වාර්තා ප්‍රතිපල ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන ආරක්ෂක ජෙනරාල් Angus Campbell ඇෆ්ගනිස්ථාන ජනතාවගෙන් සමාව අයැද සිටියේය. 2005 සිට 2016 දක්වා කාලය තුලදී ප්‍රාදේශීය ඇෆ්ගනිස්ථාන ගම්මානවල දී ඕස්ට්‍රේලියානු විශේෂ ගුවන් සේවා රෙජිමේන්තු සොල්දාදුවන් විසින් සිදුකරන ලදැයි කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් වී තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


විනිසුරු Paul Brereton විසින් වසර හතරක කාලයක් පුරා සාක්ෂිකරුවන් 400 කට වඩා වැඩි පිරිසක් සමග සම්මුක සාකච්චා පවත්වා දහස් ගණනක් වූ ලේඛන පරීක්ෂා කරනු ලැබූ අතර වාර්තාව එළිදැක්වීමේදී විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ නීති විරෝධී පුද්ගල ඝාතන 39ක් සහ මේ වනවිට ආරක්ෂක හමුදා සේවයේ නියුතු සාමාජිකයින් 25 දෙනකු සම්බන්ධයෙන් වන සිද්ද්ධීන් 23ක් පිළිබඳව චෝදනා පවතින බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඇතැම් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් කිසිදු සතුරු ක්‍රියාවක් කෙරෙහි සහභාගී වී නොමැති අතර බහුතරයක් යුධ සිරකරුවන් වේ.

මෙම වාර්තාව 2005 වසරේ සිට 2016 වසර දක්වා කාලසීමාව ආවරණය වන නමුත් අනාවරණය වී ඇති සිදුවීම් සියල්ල 2009 වසරේ සිට 2013 වසර දක්වා කාලය තුල සිදු වූ සිදුවීම් වේ. ඒ අනුව මෙම සිදුවීම් කිසි ලෙසකින්වත් යුධ පීඩනය යටතේ ගනු ලැබූ තීරණ නොවන බවටද අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලන් සටන්කරුවන් නොවන බවට පැහැදිලි සාක්ෂි පැවතීම හේතුවෙන් මෙම ඝාතන යුධ අපරාධ වන බවට ස්ථිර වී තිබේ. කෙසේ නමුත් විමරශණය කලද සනාථ කිරීම සඳහා සාක්ෂි නොමැති තවත් චෝදනා සැලකිය යුතු සංක්‍යාවක් පවතී. විනිසුරු Paul Brereton සඳහන් කොට ඇත්තේ මෙම ඝාතන නීත්‍යනුකුල කිරීමේ අරමුණින් ඇතැම් සෙබලුන් විසින් ආයුධ සහ හමුදා උපකරණ වැනි දෑ එම මළසිරුරු අසලට විසි කල අවස්ථා පිළිබඳවද සාක්ෂි පවතින බවයි.

මේ අතර කනිෂ්ඨ සෙබලුන් හට, ඔවුන්ගේ ප්‍රථම ඝාතනය සිදු කිරීම සඳහා සිය සිරකරුවන්ට වෙඩි තබන ලෙස සිරිතක් වශයෙන් අණ දෙන නිලධාරීන් පවසා ඇති බවද වාර්තා වේ. ඔවුන් මෙම ක්‍රියාදාමය "blooding" ලෙස නම් කොට තිබේ.

පරීක්ෂකයින් නිර්දේශ කොට ඇත්තේ සිදුවීම් 23ක් සහ පුගලයින් 19ක් සම්බන්ධයෙන් වන කරුණු 36ක් සඳහා අපරාධ විමර්ශනය සිදු කිරීම ඕස්ට්‍රේලියානු මධ්‍යම පොලිසියට යොමු කරන ලෙසයි.

වාර්තාව නිකුත් කරමින් ජෙනරාල් Angus Campbell කියා සිටියේ තමන් ඇෆ්ගනිස්ථානයෙන් සමාව ඉල්ලා සිටින බවයි.එමෙන්ම මෙවැනි සිදුවීම් මගින් ඕස්ට්‍රේලියාවෙන් උපකාර ඉල්ලූ ඇෆ්ගනිස්ථාන වැසියන්ට ඕස්ට්‍ර්ලියානු හමුදා කෙරෙහි පවතින විශ්වාසය බිදවැටීමටද හේතු වන බව ඔහු පෙන්වා දෙයි.

විනිසුරු Paul Brereton, තම යටත් හමුදා සෙබලුන් හට යුධ අපරාධ කිරීම සඳහා පෙළඹු අණදෙන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක තිබේ.

මෙම අපරාධ නඩු පැවරීම සඳහා විශේෂ විමර්ශකයෙකු යොදවන බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මින් පෙර සඳහන් කලද එම තනතුර සඳහා තවමත් කිසිවෙකුත් පත් කොට නොමැත.
Chief of the Australian Defence Force General Angus Campbell.
Source: AAP

වාර්තා නිර්දේශයන්
විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සාක්ෂි පවතින නමුත් සාපරාධී ක්‍රියා පිළිබඳව වරදකරුවකු නොවන ඇතැම් ඕස්ට්‍රේලියානු විශේෂ ගුවන් සේවා රෙජිමේන්තු සාමාජිකයින් හට පරිපාලනමය පියවර ගන්නා බව Paul Brereton සඳහන් කරයි.

සාපරාධී ක්‍රියා සිදු කල සෙබලුන් හට නඩු පවරන තෙක් නොසිට, නීති විරෝධී ලෙස ඝාතනයට ලක් වූ ඇෆ්ගනිස්ථාන වැසියන්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමට නිර්දේශ කොට තිබේ.

මෙය නැවත ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ජාත්‍යන්තර කීර්තිය නැංවීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

ඇතැම් හමුදා සාමාජිකයින්ගේ සහ ඇතැම් හමුදා කණ්ඩායම් වල පදක්කම් ඉවත් කිරීමටද තීරණය කොට තිබේ.

මින් පෙරද චෝදනා පැවතීම හේතුවෙන් වාර්තාවෙන් පසුව විශේෂ ගුවන් සේවයේ දෙවන බලඝණය විසුරුවා හැර තිබේ.

මෙය "ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ වෘත්තීය ප්‍රමිතීන් සහ අපේක්ෂාවන් නින්දිත හා ගැඹුරු පාවාදීමක්" වන බවට වාර්තාව පෙන්වා දී තිබේ.

යුධ අපරාධ සම්බන්ධයෙන් වන කටකතා නිෂ්ඵල බවට පෙන්වා දීමේ අරමුණින් මෙම වාර්තාව ආරම්භ කලද මේ වනවිට පවතින ප්‍රතිඵල කිසිවෙකුත් අපේක්ෂා නොකළ බව විනිසුරු Paul Brereton පවසයි.

ඕස්ට්‍රේලියානු අගමැති සමාව ඉල්ලයි
වාර්තාව නිකුත් කිරීමට පෙර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති Ashraf Ghani සඳහන් කරයි.

මෙහිදී “ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය කණගාටුව ප්‍රකාශ කළ අතර පරීක්ෂණ සහ යුක්තිය සහතික කරන බවට ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපතිවරයාට සහතික වූ බවට ඇෆ්ගනිස්ථාන ජනාධිපති Ashraf Ghani නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍ර්ලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කලේ මෙම වාර්තාවේ ඇසීමට අසීරු විවිධ චෝදනා අඩංගු වන අතර එම චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දැඩි ලෙස අවධානය යොමු කරන බවයි. එමෙන්ම මෙම වාර්තාව විශේෂ විමර්ශන සඳහා යොමු කෙරෙන අතර ඒ අනුව ඕස්ට්‍රේලියානු නීතීන්ට අනුකුලව ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා තමන්ව සෘජු ලෙසම සම්බන්ධ කරගැනීම අගය කල ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා, ඇෆ්ගනිස්ථානය තුල කැපී පෙනෙන සේවයක් කල බොහෝ ඕස්ට්‍රේලියානුවන් පිළිබඳවද සඳහන් කොට තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ඕස්ට්‍රේලියානු අධිකරණ පද්ධතිය කෙරෙහි තමන් විශ්වාසය තබන බවද ඇෆ්ගනිස්ථාන ජනාධිපති Ashraf Ghani සඳහන් කර තිබේ.


 

වාර්තා කිරීම Rashida Yosufzai, Brett Mason and Jennifer Scherer



Share
Published 19 November 2020 6:28pm
Updated 19 November 2020 6:45pm
By Nipuna Dodangoda
Source: AAP, SBS


Share this with family and friends