ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
190 වීසා උප ඛාණ්ඩය යටතේ මේ සඳහා අයදුම් කළහැකි වන අතර අධික ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා මෙවර අමතර කොන්දේසි හඳුන්වා දී ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

Source: Flickr
2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated රැකියා ලැයිස්තුව
2019-20 මුල්‍ය වර්ෂය සඳහා ප්‍රකාශිත නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනේ රැකියා සහ වෘත්තීන් 186 ක් අඩංගු වේ.
එමෙන්ම මෙම වසරේ පටන් එක් එක් රැකියාව සහ වෘත්තීය ට අදාළ කෝටාවේ ඉල්ලුම පදනම් කරගනිමින් Availability හෙවත් උපයෝජ්‍යතා මට්ටම ද ප්‍රදර්ශනය කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.
ඒ අනුව සෑම රැකියාවකටම සහ වෘත්තීයකටම අදාළ කෝටාවේ උපයෝජ්‍යතා මට්ටම Low, Limited, Medium සහ High යනුවෙන් සඳහන් කර ඇත.
2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනට අදාළ 

Source: SBS
අමතර කොන්දේසි
මෙවර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුවේ අධික ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා පහත සඳහන් අමතර කොන්දේසි ඉදිරිපත් කර ඇත.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි වීම.
- අවම වශයෙන් වසරක කාලයක් හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියාවක නිරත වීම.
ඉහත අමතර කොන්දේසි බලාපාන වෘත්තීන් පහත පරිදී වේ.
Occupation ID | Occupation |
132211 | Finance Manager |
221111 | Accountant (General) |
221112 | Management Accountant |
221113 | Taxation Accountant |
221213 | External Auditor |
221214 | Internal Auditor |
233111 | Chemical Engineer |
233211 | Civil Engineer |
233311 | Electrical Engineer |
233411 | Electronics Engineer |
233511 | Industrial Engineer |
233512 | Mechanical Engineer |
233513 | Production or Plant Engineer |
241411 | Secondary School Teacher |
254415 | Registered Nurse (Critical Care and Emergency) |
254499 | Registered Nurses nec |
261111 | ICT business Analyst |
261112 | Systems Analyst |
261311 | Analyst Programmer |
261312 | Developer Programmer |
261313 | Software Engineer |
261314 | Software Tester |
262112 | ICT Security Specialist |
263111 | Computer Network and Systems Engineer |
263311 | Telecommunications Engineer |
263312 | Telecommunications Network Engineer |
අයදුම් කරන අයුරු
නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන සඳහා අයදුම් කරන අයුරු සහ ඒ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් ලබාගත හැකිය.

Source: SBS Sinhala
Read & Watch More

ඔබේ තරුණ දරුවාත් අන්තර්ජාලයේ හිරිහැර වලින් වලක්වා ගන්නේ කෙසේද?