ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා යොමු කළ යුතු EOI එකේ ලකුණු මට්ටම ඉහළ දමයි. (SBS සිංහල/වාර්තා)

ඔබේ EOI එක 2018 ජූලි 01 වන දිනෙන් පසුව යොමු කරනවානම් ඔබට අවම වශයෙන් ලකුණු 65 ක් තිබිය යුතුය.

EOI

Source: SBS Sinhala

නිපුණතා වීසා හරහා ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට පෙර හෝ ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර ඔබ ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට (වත්මනයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට) යොමු කළ යුතු expression of interest හෙවත් EOI හි ලකුණු මට්ටම එළඹෙන ජූලි 01 වන දින සිට ඉහළ දමන බව වෙබ් අඩවිය වාර්තා කරයි.


SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese “SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

ඒ අනුව මෙතෙක් EOI එකක් යොමු කිරීමට සුදුසු අවම ලකුණු මට්ටම 2018 ජූලි 01 වන දින සිට ලකුණු 65 ක් බවට පත්වේ.

මෙම ලකුණු සංඛ්‍යාව මීට පෙර පැවතියේ ලකුණු 60 ක් ලෙසිනි.
EOI
Source: SBS

වෙනස බලපාන්නේ කා හටද?

නිපුණතා සංක්‍රමණික වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින සියලු පුද්ගලයින්ට මෙම වෙනස බලපායි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ස්ථිර පදිංචියට අයදුම් කිරීමට සැරසෙන අන්තර්ජාතික සිසුන් හට මෙය දැඩි ලෙස බලපාන වෙනසකි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

 

කෙසේහෝ 2018 ජුනි 30 ට පෙර ඔබ EOI එකක් යොමු කරනවානම් ඔබට තිබිය යුතු අවම ලකුණු මට්ටම ලකුණු 60 කි.

එනම් මෙම නව වෙනස්කම් එම EOI සඳහා වලංගු නොවෙයි.

නමුත් ඔබේ EOI එක 2018 ජූලි 01 වන දිනෙන් පසුව යොමු කරනවානම් ඔබට අවම වශයෙන් ලකුණු 65 ක් තිබිය යුතුය.
EOI
Source: AAP

මෙම නව වෙනස බලපාන නිපුණතා වීසා වර්ග මොනවාද?

පහත සඳහන් General skilled migration visaහෙවත් සාමාන්‍ය නිපුණතා වීසා සඳහා මෙම වෙනස බලපාන බව වෙබ් අඩවිය වාර්තා කරයි.

  • Skilled—Independent (Permanent) (Class SI) visa;
  • Skilled—Nominated (Permanent) (Class SN) visa;
  • Skilled—Regional Sponsored (Provisional) (Class SP) visa.
EOI
Source: Getty Images

මොකද්ද මේ expression of interest හෙවත් EOI ?

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට හෝ ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ථිර පදිංචිය ලබා ගැනීමට නිපුණතා වීසා (skilled visa) හරහා අයදුම් කිරීමේදී ඒ සඳහා ඔබේ ඇති සැලකිල්ල සහ අභිරුචිය පෙන්වීමට ඇති ක්‍රමය මෙලෙස expression of interest හෙවත් EOI ලෙස දැක්වේ.

මෙය අන්තර්ජාලය හරහා පිරවිය යුතු පෝරමයක් වන අතර එහි ඇති ප්‍රශ්න ගණනාවකට ඔබට පිළිතුරු සැපයීමට සිදුවේ.

එම ප්‍රශ්න ඔබේ නිපුණතා පිළිබඳ විමසන අතර ඒවා ඔබ අයදුම් කරනු ලබන වීසා වර්ගය මත වෙනස් වෙයි.

එමගින් ඔබේ නිපුණතාවන් හා සුදුසුකම් විමසා බලා ඔබේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නිර්ණය කර ඔබට අදාළ වීසා වර්ගයට අයදුම් කිරීමට සුදුසු දැයි පරීක්ෂා කෙරෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends