BREAKING NEWS: Australian Police allege the brother of Australian cricket star tried to frame Sri Lankan student as terrorist

Nizamdeen_Arsalan

Source: Facebook

පසුගිය අගෝස්තු මසදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ත්‍රස්ත ප්‍රහාර සිදුකිරීමට තැත් කලේ යැයි සැකපිට අත් අඩංගුවට ගැනුණු nsw විශ්ව විධයාලයේ PHD හදාරමින් සහ එම විශ්ව විද්‍යාලයේම තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවකද නිරතව සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත Mohamed Kamer Nizamdeen ව ව්‍යාජව ත්‍රස්තවාදී ක්‍රියා සඳහා පටලවා ඇති තැනැත්තා අද පෙරවරුවේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිසාම්දීන්ව බොරු චෝදනා වලට පටලවා ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් වන උස්මාන් ක්හවාජා ගේ (Usman Khawaja,) සොහොයුරා බව තහවුරුව ඇත. ඔහු 39 හැවිරිදි Arsalan Khawaja වන අතර අද (දෙසැ 4) පෙරවරුවේදී ඔහුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැරමටා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


 SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


චොදනා ගොනු කෙරෙන අයුරු

Arsalan Khawaja හට, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතියට අනුව යමෙකුට එරෙහිව බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම සහ නොමඟ යැවීම යන චෝදනා යටතේද , නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නිතිය යටතේ කූට ලේඛන සැදීමේ චෝදනා ද ගොනුකිරීමට මේ වනවිට සැලසුම් කෙරෙමින් පවතී. මෙය ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත නිසාම්දින් ව හිතාමතාම ත්‍රස්ත චෝදනා වලට හසුකරලිම සඳහා ඉතා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව පෙනීයන්නේ යයි NSW (නිව් සවුත්වේල්ස්) ප්‍රාන්ත පොලිසිය පවසයි.

නිසාම්දීන් හට එල්ල වුනු චෝදනා

මේ වසරේ අගෝස්තු මසදී අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් නිසාම්දින් නමැති ශ්‍රී ලංකික සිසුවා ගේ Notebook පරිඝනකයේ තිබී සිඩ්නි නුවර මර්මස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමේ සැලසුම් තිබී හසුවුණු අතර මේ හේතුවෙන් ඔහුට සති හතරක කාලයක් අත්අඩංගුවේ පසුවීමට සිදුවිය. පසුව ඔහුව උසාවියට ඉදිරිපත් කල අතර එහිදී ඔහු මෙම ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කල බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම හේතුවෙන් ඇප ලබාගැනීමට හැකිවිණ.


ඔහුගේ Notebook පරිඝනකයේ තිබී සිඩ්නි නුවර ඔපෙරා රඟහල, පොලිස් ස්ථානය සහ දුම්රිය සේවාව ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් තිබු බවත් එසේම, එවක අගමැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමතිනී ජුලි බිෂොප් සහ ලිබරල් පක්ෂ සාමාජිකා බ්‍රොන්වන් බිෂොප් යන අය සඳහාද ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කොට තිබු බව සඳහන්ව තිබු බව ඒ පිලිබඳ පරීක්ෂණ සිදුකල පොලිසිය පැවසීය.


එහෙත් මේ සියල්ල අත්අඩංගුවට පත්ව සිටින සැකකාර Arsalan Khawaja විසින් සැලසුම් සහගතව නිර්මාණය කොට නිසාම්දීන්ව ත්‍රස්ත ක්‍රියාකාරිකයෙකු ලෙසට පොලිසියට කොටු කර දීම සඳහා සිදුකරන ලද්දක් බවට මේ වන විට හෙළිව තිබේ.

කෙසේවෙතත් ඇප ලබා පිටතට පැමිනි පසු නිසාම්දින් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා පැවසුයේ තම සේවාදායකයා හට සිදුවුණු අපහාසය වෙනුවෙන් සහ අස්ථාන චෝදනා හේතුවෙන් බන්දනාගාර ගතවීමට සිදුවීම හේතුවෙන් සිදුවුණු අපහසුතාව වෙනුවෙන් පොලිසියට එරෙහිම වන්දි ලබාගැනීමේ නඩුවක් ගොනුකර බවයි.

ශ්‍රී ලංකික පසුබිමක් සහිත මොහොමඩ් නිසාම්දීන් සිසුවා හට සිදුවුණු අසාධාරණය පිළිබඳව දැඩි ලෙසින් කණගාටුව ප්‍රකාශ කරන බව මේ පිළිබඳව කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ත්‍රස්ත ක්‍රියා මර්දන අංශයේ අණදෙන නිලධාරී Mick Willing පවසා සිටියේය. එහෙත් නිසාම්දින් හට සිදුවුණු අසාධාරණය හේතුවෙන් පොලිසිය ඔහුගෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු පවසා සිටියේය.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News


Share this with family and friends