84 Sinhala nationals described as “traitors” for leading the "Uva - Wellassa" insurrection against British colonial rule nearly 200 years ago will be declared as national heroes in the Kandy – Sri Lanka tomorrow (1/3) under the patronage of President Maithripala Sirisena. The President will sign the gazette declaring these 84 heroes of the 1818 rebellion as patriots at this historic ceremony named ‘Uththamaabhiwandana’, which is organized by the Department of Government Information. It will be held at 4.00 p.m. at the Magul Maduwa in Kandy.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීත ව නැගී සිටිමින් සිදුකල ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සළකා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත සිංහල පුත්‍රයන් සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් යලි වීරත්වයට පත් කෙරෙන ''උත්තමාභිවන්දනා ඓතිහාසික මහෝත්සවය'' හෙට ( මාර්තු 01) පැවැත්වීමට නියමිතයි. හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට මහනුවර මඟුල් මඩුවේ දී මේය ආරම්භ වීමට නියමිත අතර මෙම උත්සවය සංවිධානය කරනු ලැබෙනුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසිනි.
1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම වුනු සහ රටින් පිටුවහල් කළ විරුවන් 84 දෙනෙකු පමණ දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කථානායකතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මෙම විරු පවුල්වල ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.
පසුගියදා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ නිදහස් සටනට නායකත්වය දුන් වීර කප්පෙටිපොළ අධිකාරම් ඇතුළු විරුවන් වීරත්වයට පත් කිරීම ද සිදු කළ අතර එහි ගැසට් පත්‍රයද නිකුත් කළේ ය.
ඌව වෙල්ලස්ස අරගලයේ ඓතිහාසික පසුබිම හා එහි ක්‍රමික විකාශනය දැක්වෙන ප්‍රාසාංගික අංගයන් ද සහිතව මෙම අභිමානවත් ඓතිහාසික උත්සවය පැවැත්වෙයි.